"අපි නව ලොවක නියමුවෝ වෙමු..."
විචාර හා රසවින්දන සඳහා මූලධර්ම තිබුණත්,රසවින්දනය එකක් ම විය යුතු නැහැ. අනුන්ගේ ඇස්වලින් බලලා විචාර කරන්නවුන් අතර අපි සාහිත්‍යය කලාව දෙස අතීතයේ පටන් අලුත් ඇහැකින් බැලූවා.
ඒ නිසා ම ඇතැම් සිංහල පන්තිවලට පෙරහැර වගේ ගිය දරුවන්ගෙන් එකා දෙන්නා අපි වටා එකතු වුණා.
අපේ දරුවන්ට විභාගයේ දී හැමදාමත් වැඩි ලකුණක් ලැබුණා.
බොහෝ අය පොත් කඩවල තිබෙන විචාර පොත් වන්දනා කරල ඒව ම දෙසන්න පුරුදු පුහුණු වෙලා හිටියට ඒක සාර්ථක නැහැ.ඒ එකිනෙකාගේ රසඥතාවය එකිනෙකාට වෙනස් වන නිසා.
ඒ බව නවකතාවක් , බණ කතාවක්,කෙටි කතාවක් කියෙව්වම , කවියක්, සින්දුවක් ඇහුව ම අපි හැමෝගෙම සිතට නැගෙන සිතිවිලිවල විවිධතාවය තුළින් කාටත් පැහැදිලි වෙනවා.
සමහරු අපේ විචාර හා රසවින්දන කොපි කරනවා.ඒකට අපි තරහ නැහැ, ඒක තමයි අපේ කලාව සමාජගත වන හැටි.
සරසවි මාවතේ කටු පඳුරු සියල්ල බිඳ දමා ඔබේ හැම බලාපොරොත්තු බිඳක් ම අපි සපල කරන්නෙමු.
ඉතින් ආදරණීය දුවේ, පුතේ...,
සංවේදී කතන්දර කලාව සමාජ මාධ්‍ය හරහා මුදා හැර ඔබව රඳවා ගන්න අපි උත්සාහ කරන්නේ නැහැ.
ඒ වෙනුවට විෂය ප්‍රගුණතාවය ඇති කරවීම තුළින් ඔබේ අධ්‍යාපන සිහිනය හා ඔබේ අනාගතය ගොඩනැගීමට මම පොරොන්දු වෙනවා...
දිනක් හෝ " අපේ සිංහල වැඩබිම " අසමසම ඉගැන්වීම් කලාවට පිවිස හොඳයි නම් පමණක් අපත් සමග අත්වැල් බැඳගන්න යනුවෙන් අපි ඔබට ආරාධනා කරන්නෙමු.
ඔබේ අධ්‍යාපන සිහිනය මගේ සිහිනය කරගත්...
මම,
ඔබේ සිංහල ගුරුතුමා
ජනිත් බණ්ඩාර